May 07, 2024

බස් ගාස්තු පෙබරවාරි 01 වැනි දා සිට පහලට

ඉන්ධන මිල අඩුවීමත් සමග එහි වාසිය මගී ජනතාවටත් ලබා දෙමින් බස් ගාස්තු සියයට 8ත් සියයට 10ත් දක්වා අතර ප්‍රමාණයකින් අඩු කිරීමට අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 8ක් වේ. මුල් ගාස්තු පහ සියයට 10කින්ද, ඊළඟ ගාස්තු සියයට 8කින්ද අඩුවීමට නියමිතය.

සංශෝධිත නව ගාස්තු පෙබරවාරි මස 01 වන දා සිට ක්‍රියාත්මක වන බව ‍කොළඹදී අද (27) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවසී ය.

කෙසේ වෙතත්, පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පසුගියදා ප්‍රකාශ කළේ, ඉන්ධන මිල පහළ දැමීම හේතුවෙන් සියයට 7කින් බස් ගාස්තු පහත දමන බව ය.

 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 January 2015 15:31