May 12, 2024

කොළඹ මුහුදු නගරයේ යටි අරමුණ TNA කියයි

චීනය විසින් කොළඹ ගාලූ මුවදොර ‘මුහුදු නගරයක්’ඉදි කිරීමට සැළසුම් කිරීම පිටුපස දකුණු සුඩානයේ ඇති 70% ක තෙල් නල පද්දතිය තවත් වසර 50 කින් කොළඹ හරහා චීනයට රැගෙන යාමේ යටි අරමුනක් තිබූ බව දෙමළ ජාතික සන්ධානය පැවසීය.

ඒ සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමු විය යුතු බවත් දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.ශ්‍රීධරන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ වවුනියාව කුරුමන්කාඩු ප්‍රදේශයේදී විවෘත කෙරුනු නව ඉලංගෙයි තමිල් අරුසකච්චි පක‍ෂ කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින්.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ එස්.ශ්‍රීධරන් මන්ත්‍රීවරයා “මුහුදු නගරයක් කියන්නේ ලොව බලවත්ම රටවලට මෙන්ම ප්‍රාන්ත රටවලටත් අනතුරු දායක දෙයක්.චීනය මෙච්චර ඉඩ ප්‍රමාණයක් අරන් කෝටි ගණනක් මුදල් ආයෝජනය කරලා එමගින් නගරයක් ස්ථාපිත කරන්නේ ඇයි කියන දේ ඇමරිකාව සහ ඉන්දියාව සුලූ කොට සැලකුවේ නැහැ. මේක හොඳ දෙයක් කියල යුරෝපීය රටවල් හිතුවෙත් නැහැ”. යනුවෙනි.

Rate this item
(0 votes)