May 13, 2024

සිනමාවේ අභිවෘද්ධියට ඩිල් ෆිල්ම්ස් සහ රන්දීප මීඩියා අත්වැල් බඳී 

ඩිල් ෆිල්ම්ස් සහ රන්දීප මීඩියා යන ආයතනවල එකමුතුවෙන් ලාංකේය සිනමා කේෂ්ත්‍රයට විධිමත් ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබා දීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. 

එහි මූලික අරමුණ වන්නේ සිනමා නිර්මාණයන් සඳහා අවශ්‍ය වන වෘත්තිකයන් සම්බන්ධීකරණය කිරීමයි. එමෙන්ම නිර්මාණයක් සාර්ථක කිරීම සඳහා වැදගත් වන ප්‍රචාරණ වැඩසටහන් දියත් කිරීමද මෙම එකමුතුවේ තවත් අරමුණකි.

ලාංකීය සිනමා කේෂ්ත්‍ර යේ දිදුලන නාමයක් වන ඩිල් ෆිල්ම්ස් සහ රන්දීප මීඩියා යන ආයනයන්ගේ සහයෝගයෙන් ලබා දෙන සේවාවන් සිනමා නිර්මාණයන් සාර්ථක කර ගැනීම සඳහා වඩාත් ඉවහල් වන බව සිනමා විචාරකයන්ගේ මතයයි.

මෙම ආයතන දෙක අත්වැල් බැඳ ගැනීමේ අවස්ථාවට සංකල්ප නිර්මාණය සහ සම්බන්ධීකරණයේ යෙදෙන බුද්ධික වික්‍රමාදර, සැර අයිඩියා ආයතනය වෙනුවෙන් ක්‍රිෂාන්ත හිස්සැල්ල, රන්දීප මීඩියා ආයතනය වෙනුවෙන් සුසන්ත විජේගුණරත්න, ඩිල් ෆිල්ම්ස් වෙනුවෙන් ප්‍රවීන් ජයරත්න සහ ඉන්දීය චිත්‍රපට ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ද සහභාගී වූහ.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 January 2015 14:41