May 12, 2024

නිල් බලකාය පුනරුත්ථාපනය කරනවා

නිල් බලකායේ සියළු දෙනා පුනරුත්ථාපනය කිරීමට වර්තමාන රජය පියවර ගන්නා බව දූෂණ විරෝධී පෙරමුණේ සම්බන්ධීකාරක බස්නාහිර පළත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා සඳහන් කරයි.

නිල නොවන අතුරු හමුදාවක් ලෙස ක්‍රියා කළ නිල් බලකාය සම්බන්ධයෙන් සොයා බලන අතර එහි ප්‍රධානීන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳ පරීක්ෂණ පවත්වා වැරදි කළ පුද්ගලයින්ට එරෙහි නීතිය ක්‍රියාවේ යෙදවීමටත් දඬුවම් කිරීමට හා පුනරුත්ථාපනය කිරීමටත් රජය කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේ ය.

ඔහු මේ බව සඳහන් කළේ දූෂණ විරෝධී පෙරමුණ පිටකෝට්ටේ සෝලිස් ශාලාවේ දී පැවති මාධ්‍ය හමුවක දී ය.

අභිරහස් ලෙස ඝාතනය වූ තරුණියක් සම්බන්ධයෙන් ද තොරතුරු වාර්තා වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් ද තොරතුරු සොයා බලන බවත් හෙතෙම වැඩි දුරටත් පැවසී ය. 

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 January 2015 11:40