May 13, 2024

O/L ගණිතය නැතිව A/Lබැහැ

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට පෙනී සිටීම සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී ගණිතය විෂය සමත්වීම අනිවාර්ය කිරීමට පියවර ගෙන තිබේ.

ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා මෙම අදහස් පළ කළේ ඊයේ (26) අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

අ.පො.ස‍ සාමාන්‍ය පෙළ ගණිතය විෂය අසමත් වූ සිසුවකු ගණිතය විෂය අසමත් වුවත් උසස් පෙළ සඳහා ඉගෙනීම් කටයුතු ආරම්භ කළ හැකි බවත් අ.පො.ස‍ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට පෙර අ.පො.ස‍ සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිට ගණිතය විෂය සමත් වූ ප්‍රතිඵල ලේඛනය ඉදිරිපත් කළ යුතු බවත් අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කළේය .

Rate this item
(0 votes)