May 13, 2024

ශෂී වීරවංශගේ විදෙස් ගමන් බලපත්‍රය CID පරීක්ෂණයකට

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශගේ සාමාන්‍ය විදෙස් ගමන් බලපත්‍රය හා රාජත්‍රාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රය යන බලපත්‍ර දෙකේ සඳහන් තොරතුරු එකිනෙකට පරස්පර වීම මත පදනම්ව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.   

ඒ අනුව විදෙස් ගමන් බලපත්‍රය සඳහා අසත්‍ය තොරතුරු ලබාදීම ඇයට එරෙහිව පවතින චෝදනාව බවයි වාර්තා වෙන්නේ.

ඇය 2004 වසරේ මැයි මස 24 දා සාදන ලද සාමන්‍ය විදෙස් ගමන් බලපත්‍රයේ නම ශීර්ජා උදයන්ති වීරවංස ලෙස සටහන් වන අතර ඇයගේ උපන්දිනය ලෙස සටහන් කර තිබෙන්නේ 1967-02-01 දිනය බවත් සඳහන් වේ. ලිපිනය ලෙස A/9 මන්ත්‍රී නිවාස, මාදිවෙල ලෙස සටහන් වෙයි.

කෙසේ වෙතත් 2010 වසරේ සැප්තැම්බර් මස 13 දා සාදන ලද රාජත්‍රාන්ත්‍රික විදෙස් ගමන් බලපත්‍රයේ ඇයගේ නම ලෙස සටහන් කර ඇත්තේ රන්ඳුණු මුදියන්සේලාගේ ශෙහාසා උදයන්ති රණසිංහ යන නමය. ඇයගේ උපන් දිනය ලෙස 1971-02-03 සඳහන් කර ඇත. ජාතික හැඳුනුම්පත් අංකය ලෙස සටහන් වන්නේ ඊට අදාල අංකයකි. ලිපිනය ලෙස සඳහන් කර ඇත්තේ ඉහත සඳහන් ලිපිනයට වෙනස් ලිපිනයකි. මේ සම්බන්ධයෙන් අදාළ පරීක්ෂණ ක්‍රියාත්මක වෙනු ඇති.

Rate this item
(0 votes)