May 12, 2024

හිටපු ආරක්ෂක ප්‍රධානීන් බේරාගැනීමට බලවත් මැදිහත්වීම් 

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් විසින් සිදු කළ රක්නා ලංකා හා ඇවන්ගාඩ් දූෂිත ගණුදෙනුවට එරෙහි නීතිපති දෙපාර්තමේන්තුව විසින් කටයුතු කිරීම වැළැක්වීම සඳහා බලවත් දේශපාලන කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව දූෂණ විරෝධී පෙරමුණ අවධාරණය කරයි.

දේශපාලන ක්‍රියාකාරිකයින් පිරිසක් ද ඇතුළත් මෙම කණ්ඩායමේ අරමුණ වී ඇත්තේ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ඇතුළු කණ්ඩායමට එරෙහි මේ වනවිට ආරම්භ වී ඇති පරීක්ෂණ කඩාකප්පල් කර නීතිය ක්‍රියාත්මකවීම වළක්වා ගැනීමයි.

ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා ද ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති වෙනුවෙන් පෙනී සිට නීතිඥ උපදෙස් ලබා දීමට ඉදිරිපත් වී ඇතැයි වාර්තා වේ. මේ වනවිට රාජ්‍ය මාධ්‍ය ආයතන පවා යොදා ගනිමින් හිටපු නාවුක හමුදා නිලධාරීන් ද මෙයට එක් වී ඇත.

එම කරුණ සත්‍ය නම්, ආරක්ෂක අමාත්‍යාංශයේ  හිටපු නිලධාරීන් සහ ඔවුන්ගේ සමීපතම ජාවාරම්කාරයින් බේරා ගැනීමට මේ වනවිට දියත්ව ඇති වැඩපිළිවෙළෙහි ඇති ප්‍රබලත්වය අවබෝධ කර ගත හැකිවනු ඇත.    

ආරක්ෂක අමාත්‍යාංශයේ හිටපු නිලධාරීන් ද, ඇවන්ගාඩ් ආයතනයට ද එරෙහි නීති මගින් කටයුතු කිරීම වැළැක්වීමට ගන්නා කුමන හෝ උත්සාහයක් පරාජය කළ යුතු බව දූෂණ විරෝධී පෙරමුණ දැඩිව අවධාරණය කරයි.

Rate this item
(0 votes)