May 12, 2024

පළිගන්න අවශ්‍යනම් මා සහ පියා යොදාගන්න - මව අතහරින්න [Audio]

තමාගේ මව මහා භාණ්ඩාගාරයේ පවතින රත්‍රං වංචා කළ බවට සිදු කරතිබෙන පැමිණිල්ල තමාගේ පවුල වෙනුවෙන් තරයේ ප්‍රතික්ෂේප කරන බවත් එම චෝදනාව ඉතා සාහසික ලෙස තමාගේ මවට හා පවුලට 'මඩ' ගැසීම අරමුණු කරගෙන සිදු කළ පහත් ක්‍රියාවක් බවත් හිටපු ජනපතිගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

ඒ අනුව නාමල් මන්ත්‍රිවරයා සඳහන් කරන්නේ තමාගේ මව කිසිදු ආකාරයේ රත්‍රං වංචාවකට සම්බන්ධ නොමැති බවත් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ විසින් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාවට සිදු කර තිබෙන පැමිණිල්ල අසත්‍යක් බවය.

තමාගේ පවුලේ සාමාජිකයින් පස් දෙනාගෙන් දේශපාලනයේ නියැළු නේ තමා සහ තම පියාපමණක් බවත් මව හෝ බාල සහෝදරයින් දෙදෙනා දේශපාලනයේ නොයෙදුන බවත් යමෙකුට දේශපාලනිකව පළිගැනීමට අවශ්‍යනම් තමාගෙන් හා තම පියාගෙන් එය සිදුකර ගන්නා ලෙසත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 January 2015 09:37