April 28, 2024

වයඹ අරක්කු තවමත් ප්‍රශ්ණයක්

දෙමටගොඩ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් මත්පැන්  බෝතල් 68,000 ක පමණ ප්‍රමාණය සම්බන්ධයෙන් වයඹ ඩිස්‌ටිලරීස්‌ සමාගම ඉදිරිපත් කර ඇති ලියකියවිලිවල ගැටලු  සහගත බව  බව සුරාබදු දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
 
වයඹ ඩිස්‌ටිලරීස්‌ සමාගමට මේ වනවිට සීල් තබා ඇති අතර අරක්‌කු තොගය රජයට නියමිත ආකාරයෙන් බදු ගෙවා නිෂ්පාදනය කර ඇත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට තව දින 2 ක්‌ ගතවනු ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
 
ලොරිවල තිබූ මත්පැන් තොගයට වඩා වැඩිපුර බෝතල් තොගයක්‌ එම ව්‍යාපාරික ස්‌ථානයේ තිබී හමුවීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ හා දූෂණ මර්දන කොට්‌ඨාසය මගින් වෙනමම පරීක්‍ෂණයක්‌ද සිදු කරයි. 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
Rate this item
(0 votes)