April 28, 2024

ද්විත්ව පුරවැසිකම් දහසක් හොරෙන් දීලා

විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදීම 2011 දී තාවකාලිකව නතර කරන ලද නමුත්, මහින්ද රාජපක්ෂ පරිපාලනය විසින් දහසකට වැඩි පිරිසකට 'හොර පාරෙන්' ද්විත්ව පුරවැසිභාවය ලබා දී තිබෙන බව විදේශ කටයුතු පිළිබඳ නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.පසුගිය ආණ්ඩුව අවසාන දින කිහිපයේදී නිවේදනය කළ ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය ලබාදීම තවමත් ආරම්භ කොට නැති නමුත් ඉතා ඉක්මනින්ම එය යළි ආරම්භ කරන බව ද නියෝජ්‍ය විදේශ අමාත්‍ය අජිත් පී පෙරේරා  පැවසීය.
 
ද්විත්ව පුරවැසිභාවය ලබාදීම යළි ආරම්භ කරන බවට පසුගිය අයවැය අවස්ථාවේ රාජපක්ෂ පරිපාලනය ඉදිරිපත් කළේ 'ඉතා අපැහැදිලි ස්ථාවරයක්' බවද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.ශ්‍රී ලාංකිකයන්ට ද්විත්ව පුරවැසිභාවය ලබාදිය යුතු බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ නව ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා, අයදුම්පත් භාර ගෙන ද්විත්ව පුරවැසිභාවය ලබාදීම ඉතා ඉක්මනින්ම ආරම්භ කිරීමට කටයුතු කරන බව ද වැඩිදුරටත් කියා සිටියේය.
Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 January 2015 11:49