April 28, 2024

බස් රථ දෙකක් ගැටී 25ක් රෝහලේ

බුලත්සිංහල - පහළ නාරගල ප‍්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරකින් පුද්ගලයින් 25 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.

පෞද්ගලික බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවත් අනතුරෙන් තුවාල ලැබූවන් හොරණ රෝහලට ඇතුළත් කර තිබෙන බවත් පොලීසිය පැවසී ය.

ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Rate this item
(0 votes)