April 28, 2024

ලංකාවේ තරුණයෙක් ඩුබායි හිදී දැරියකට අතවර කරලා

ඩුබායිහිදී ඉන්දියා ජාතික දැරියකට බලහත්කාරකම් කළ ශ්‍රී ලාංකික තරුණයකුට (31) ඩුබායි අපරාධ අධිකරණය මාස හයක සිර දඬුවමක් නියම කළේය.නඩු විභාගයට මාස පහක් ගත විය.
මාස හයක සිර දඬුවම අවසන් වීමෙන් පසු ඔහු ඩුබායි රාජ්‍යයෙන් පිටුවහල් කරන ලෙස ද ඩුබායි අපරාධ අධිකරණය නියම කර ඇතැයි ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සල් කාර්යාල ආරංචි මාර්ග පවසයි.
ඉකුත් වසරේ ඔක්තෝබර හත් වැනි දා ඩුබායි අල්කූසාහි රෙදි පිළි අලෙවිසලකට දෙමව්පියන් සමගින් පැමිණි 11 හැවිරි ඉන්දියා ජාතික දැරියකට අතවර කර ඇයගේ හිරිඔතප් බිඳෙන අයුරින් බලහත්කාරකම් කළ බවට ලාංකිකයාට චෝදනා එල්ල විය.
Rate this item
(0 votes)