April 28, 2024

මන්ත්‍රී ලැයිස්තුවට පළමු වසරට සිසුන් ගැනීම නවතයි

දේශපාලනඥයින්ගේ ලැයිස්තු අනුව පළමු වසරට සිසුන් ඇතුලත් කර ගැනීම නතර කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඒ පිළිබඳ පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන් වෙත චක‍්‍රලේඛයක් මගින් දැනුම්දීමට කටයුතු යොදා ඇති බව එම අමාත්‍යංශයේ ඊයේ (26) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා පැවසී ය.

‘පළමු වන වසරට ළමුන් ඇතුලත් කරගැනීම තමයි පසුගිය කාලයේ අධ්‍යාපන අමාත්‍යංශයට වැඩියෙන්ම එල්ලවූ චෝදනාව. සමහර කාලවලදී හිතා ගන්න බැරි ප්‍රමාණයෙන් දේශපාලනය හරහා ලැයිස්තු දාලා තිබෙනවා. මේවා මෙතැන් සිට නැවත ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මහ ඇමතිවරුන්ගේ කෝටා එහෙකට යන්නත් බැහැ. අහිංසක ගම් වල සිටින ගොවියාගේ, කම්කරුවාගේ දරුවට පොරොත්තු ලේඛනයෙන් දැන් යන්න පුළුවන්. අපි මෙය පළාත් අධ්‍යක්ෂවරුන්ට දැනුම් දීලා තිබෙනවා. මෙය තදින්ම කරනවා. හැමෝටම සමානව සලකනවා තිබෙනවා.’ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)