April 28, 2024

ශ්‍රී ලංකන් නව සභාපති අජිත් ඩයස්

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයා ලෙස අජිත් ඩයස් මහතා වැඩ භාරගැනීම අද (26දා) කොළඹ පිහිටි ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම් කාර්යාලයේදී සිදුවිය.රෙදිපිළි කර්මාන්තයේ ප්‍රකට චරිතයක් ලෙස සැලකෙන ඩයස් මහතා බ්‍රැන්ඩික්ස් සමාගමේ සම ආදිකර්තෘවරයෙකු වෙයි. එමෙන්ම බැරිස්ටා ශ්‍රී ලංකා සහ ජුවෙලෙක්ස් ට්‍රේඩින් හි සභාපතිවරයාද වෙයි.අජිත් ඩයස් මහතා වැඩභාරගන්නා අවස්ථාවට වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග සහ ගුවන්සේවා රාජ්‍ය අමාත්‍ය ෆයිසර් මුස්තාපා යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගි වූහ.
 
Rate this item
(0 votes)