April 28, 2024

ආර්ථික සංවර්ධන උපාධිධාරීන් අමාත්‍යාංශයෙන් ඉවතට

නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමත් සමග සිදුවන අමාත්‍යංශ හා ආයතන සඳහන් ගැසට් නිවේදනය මේවන විට නිකුත් කර ඇති අතර ඒ අනුව ආර්ථික සංවර්ධන අමාත්‍යංශය අහෝසි වී ඇති බව රැකියාලාභි උපාධිධාරී සංගමය පවසයි.

එම අමාත්‍යංශය යටතේ සිටින 16700 ක් පමණ වූ උපාධිධාරීන්ගේ රැකියා ස්ථාන පිළිබඳව මේවන විට ගැටළුකාරී තත්වයක් නිර්මාණය වී ඇති අතර අමාත්‍යංශ පරිශ‍්‍රයේ රාජකාරී කළ ඉන් 600 ක පමණ උපාධිධාරීන්ට අද (27) එම පරිශ‍්‍රයෙන් ඉවත් වන ලෙස අමාත්‍යංශ නිලධාරීන් උපාධිධාරීන්ට දැනුම් දී ඇති බවද එම සංගමය පෙන්වා දෙයි.

මෙම තත්වය ගැටළුකාරී තත්වයක් බවත් මේ පිළිබඳව වැඩිදුර කරුණු දැනුවත් කිරීමක් ජනවාරි 31ට පෙර විසඳුමක් නොවුනහොත් ඊට ගතයුතු ක‍්‍රියාමාර්ග අද තීරණය කරන බවත් එම සංගමය වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Tuesday, 27 January 2015 07:27