April 28, 2024

හලාවත වැවිලි සමාගමේ දුෂණ වංචා එළියට

සීමාසහිත හලාවත වැවිලි සමාගමේ සිදුවී ඇති බව කියන දුෂණ වංචාවන් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස බලකරමින් එම සමාගමේ සේවකයින් පිරිසක් ඊයේබ (26) විරෝධතාවයක නිරත විය.

හලාවත පිහිටි හලාවත වැවිලි සමාගමේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට පැවති මෙම විරෝධතාවයට එම සමාගමේ විධායක නිලධාරීන්ද සාමාන්‍ය සේවකයින් මෙන්ම කම්කරුවන්ද එක්වී සිටියේය.

මෙම ආයතනයේ විධායක අධ්‍යක්ෂවරයා විසින් පසුගිය කාලයේ සිදු කර ඇති බව කියන මුදල් වංචාවන් රැසක් සම්බන්ධයෙන් විමර්ශණයක් ආරම්භ කරන ලෙසත් ඔහුගේ සේවය වහාම ආයතනයෙන් ඉවත් කරන ලෙසත් විරෝධතාකරුවෝ ඉල්ලා සිටියේය.

මෙම ආයතනයේ වැඩ බලන සාමාන්‍යාධිකාරීවරිද විවිධ දුෂණ වලට හවුල් වී ඇති බවත්, පසුගිය මැතිවරණ සමයේ පත්වීම් ලැබූ බව කියන සහකාර සාමාන්‍යාධිකාරීවරයා සම්බන්ධයෙන්ද යම් ක්‍රියමාර්ගයක් ගන්නා ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියේය.

මෙම ඉල්ලීම්වලට කඩිනම් විසදුම් ලැබෙන තුරු හලාවත වැවිලි සමාගමේ සියළුම සේවකයින් වැඩ වර්ජනයක් පවත්වා ගෙන යන බවද විරෝධතාකරුවන් කියා සිටියේය.

ජුඩ් සමන්ත 

 

Rate this item
(0 votes)