May 05, 2024

වැල්ලවත්තේ රථවාහන පෙරහුරුවක්

වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ පාර සහ විවේකානන්ද පාර ආශ්‍රිතව එක් දිශාවකට වාහන ධාවනය කරවීමේ පෙරහුරුවක් හෙට (27දා) සිට ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.

ඒ අනුව පෙරවරු 06.00 සිට පෙරවරු 11.00 දක්වාත්, පස්වරු 03.00 සිට පස්වරු  07.00 දක්වාත් මෙම පෙරහුරුව ක්‍රියාත්මක වෙයි.

01. රාමක‍්‍රිෂ්ණ පාර -

ගාලු පාර සිට මුහුදුබඩ මාර්ගය දෙසට පමණක් ධාවනය කරවන අතර, මුහුදුබඩ මාර්ගයේ සිට රාමක‍්‍රිෂ්ණ පාර ඔස්සේ ගාලු පාර දෙසට ධාවනය වාහන ධාවනය කළ නොහැකි ය.

මුහුදුබඩ මාර්ගය ඔස්සේ පැමිණ ගාලු පාරට අවතීර්ණ විය යුතු සියළු වාහන විවේකානන්ද පාර ඔස්සේ ගාලු පාරට අවතීර්ණ විය යුතු ය.

02. විවේකානන්ද පාර -

මුහුදුබඩ මාර්ගය දෙස සිට ගාලුපාර දෙසට පමණක් ධාවනය කරවන අතර ගාලුපාර සිට විවේකානන්ද පාර ඔස්සේ මුහුදුබඩ මාර්ගය දෙසට වාහන ධාවනය කිරීමට ඉඩ නොලැබේ.

ගාලු පාර ඔස්සේ පැමිණ මුහුදුබඩ මාර්ගයට අවතීර්ණ විය යුතු සියළු වාහන රාමක‍්‍රිෂ්ණ පාර ඔස්සේ මුහුදුබඩ මාර්ගයට අවතීර්ණ විය යුතු ය.

එමෙන්ම මෙහිදීසෝමගිරි පෙදෙස, රාමක‍්‍රිෂ්ණ පාර දෙස සිට විවේකානන්ද පාර දෙසටපමණක් සහරාමක‍්‍රිෂ්ණ ටෙරස්, විවේකානන්ද පාර දෙස සිට රාමක‍්‍රිෂ්ණ පාර දෙසටපමණක් වාහන ධාවනය කරවන ලෙස ද පොලීසිය කියයි.

විවේකානන්ද ඇවනිව් මාර්ගයේ දෙපැත්තටම වාහන ධාවන කළ හැකි ය.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 26 January 2015 17:33