May 04, 2024

හිටපු ජනපතිගේ ප්‍රවාහන අධ්‍යක්ෂකට රටින් පිටවීම තහනම් 

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන භාරව සිටි ප්‍රවාහන අධ්‍යක්ෂ කීර්ති සමරසිංහ දිසානායකට රටින් පිටවීම තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා එම තහනම පනවමින් ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයාට ලිඛිත නියෝගයක් ද නිකුත් කෙරිණ.

වාහන අතුරුදන්වීම පිළිබඳ පවත්වන ලද පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එම ප්‍රවාහන අධ්‍යක්ෂවරයාගෙන් දිගින් දිගටම ප්‍රකාශ ලබා ගෙන තිබිණ.

ඉතිරි වාහන පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බැවින් අධ්‍යක්ෂවරයාට රටින් පිටවීම තහනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

Rate this item
(0 votes)