May 04, 2024

හිටපු ජනපති ආර්යාවට එරෙහිව වාස්ගේ බිරිඳගෙන් අල්ලස් පැමිණිල්ලක්

හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ෂාමලී පෙරේරා මහත්මිය අද (26) පෙරවරුවේ හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට පැමිණිල්ලක් ගොනු කර තිබේ.

වාස් ගුණවර්ධන මහතා කොළඹ උතුර භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස සේවය කරන කාලයේ රජයේ භාණ්ඩාගාරයේ රත‍්‍රං කිලෝ 100 ක් වංචනික ලෙස අලෙවි කරන බවට හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත සිදුකරන ලද පරීක්ෂණ කටයුතු සිදුකරන අතරතුර ඊට හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ බිරිඳ වන ෂාමලී පෙරේරා මහත්මිය පැවසීය. 

පසුව ඒ සම්බන්ධයන් පරීක්ෂණ කටයුතු නවත්වන ලෙස හිටපු බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා, වාස් ගුණවර්ධනට බලපෑම් කිරීමත් සමග එහි පරීක්ෂණ කටයුතු නවත්වනු ලැබූ බවද ඇය සඳහන් කළාය. 

ඒ සම්බන්ධයෙන් නැවතත් පරීක්ෂණ කටයුතු ආරම්භ කරන ලෙස වාස් ගුණවර්ධනගේ බිරිඳ වන ශාමලි පෙරේරා අල්ලස් හෝ  දූෂණ කොමිසමට මෙම පැමිණිල්ලක ගොනු ක‍ර තිබේ.

 

Rate this item
(0 votes)
Last modified on Monday, 26 January 2015 13:07