May 04, 2024

තෙවරප්පෙරුම යළිත් බන්ධනාගාරයට

අගලවත්ත නගරයේදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු දණ ගැස්වීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා නැවතත් බන්ධනාගාර ගත කළේය.

මන්ත්‍රීවරයාගේ අසනීප තත්ත්වය සලකා බැලීමටත් ඔහුට ඇප ඉල්ලීමටත් අදාළව ඔහු අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

කෙසේ වෙතත් අසනීප තත්ත්වයට අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඒ අනුව ඔහු නැවතත් බන්ධනාගාරගත විය. 

මන්ත්‍රීවරයා පෙබරවාරි 02 වැනි දා දක්වා මීට ඉහතදී රක්ෂිත බන්ධානාගාර ගත කරනු ලැබීය. මේ අතර මන්ත්‍රීවරයා ලබන 29 වැනි දා නැවත මතුගම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.

 

Rate this item
(0 votes)