May 04, 2024

'අයිටීඑන් නාලිකාව රජයේ මාධ්‍ය මෙවලමක් කරන්නේ නෑ' - ධනුෂ්ක      

ඉදිරියේදී ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය පවතින රජයේ මාධ්‍ය මෙවලමක් බවට පත් නොකොට, ස්වාධීන මාධ්‍ය ආයතනයක් බවට පත්කිරීමට පාලනාධිකාරිය සමඟ එක්ව කටයුතු කරන බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධනුෂ්ක රාමනායක මහතා පවසයි. 

ඔහු මේ බව පැවසූවේ අද (26) ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ නව ක්‍රියාකාරී අධ්‍යක්ෂ ධූරයේ වැඩ ආරම්භ කරමිනි.

සිය ධූරයේ වැඩ අරඹමින් ධනුෂ්ක රාමනායක මහතා අවධාරණය කර සිටියේ, එසේම ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය යටතේ පවතින ස්වාධින රූපවාහිනී සේවය, ලක්හඩ ගුවන් විදුලිය, වසන්තම් ටීවී සහ වසන්තම් එෆ්.එම් යන ආයතන 4 න් 3ක්ම මේ වනවිට පාඩු ලබන තත්ත්වයේ පවතින බවත්, ඉදිරියේදී එම ආයතන ත්‍රිත්වයද පාඩු ලබන තත්ත්වයෙන් ගොඩගැනිමට තමා ක්‍රියාකරන බවත්ය.

 

Rate this item
(0 votes)