May 04, 2024

හිටපු ඇමතිට හම්බන්තොට වරායේ අධි‍ සුඛෝපබෝගි නිදන කාමරයක් (VIDEO)

හම්බන්තොට වරායේ පරිපාලන ගොඩනැගිල්ලේ 11 වැනි මහලේ අධි‍ සුඛෝපබෝගි නිදන කාමර දෙකක් සකස් කර ඇති බව වාර්තාවේ.

වරාය හා නාවික කටයුතු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ඊයේ (25) හම්බන්තොට වරාය සහ මත්තල ජාත්‍යන්තර  ගුවන් තොටුපොළෙහි කළ නිරීක්ෂණ චාරිකාවකදී හම්බන්තොට වරායේ මෙතෙක් අනාවරණය නොවූ ස්ථාන නැරඹීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව හිමිවිය.

ඒ අනුව හම්බන්තොට වරායේ පරිපාලන ගොඩනැගිල්ල නිරීක්ෂණය කළ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසට දැක ගත හැකි වූයේ හිටපු අමාත්‍යවරයා සහ සභාපතිවරයා විසින් භාවිත කළ බව කියන අධි‍ සුඛෝපබෝගි නිදන කාමර දෙකක් සකස් කර ඇති ආකාරයයි.

එම නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරුව අමාත්‍යවරයා එහි නිලධාරීන් සමග සකච්ජා කළේය.

එම වීඩියෝව පහතින් නරඹන්න

Rate this item
(0 votes)
Last modified on Monday, 26 January 2015 12:06