May 02, 2024

නීති විරෝධි වන අලි භාර දීමට පරිවාස කාලයක් 

නීතිවිරෝධී අයුරින් බලපත‍්‍ර නොමැතිව වනඅලි ළඟ තබාගෙන සිටින පුද්ගලයින්ට එම වන අලි නැවත භාරදීම සඳහා රජය පරිවාස කාලයක් ලබාදීමට තීරණය කර තිබේ.

දැනටමත් නීතිවිරෝධී අයුරින් ළඟ තබාගෙන සිටින වන අලි පිළිබඳව තොරතුරු තමන් වෙත වාර්තාවී ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා පැවසීය.

වන අලින් 80 ක් තවමත් නීතිවිරෝධී අයුරින් ඇතැම් පුද්ගලයන් ළඟ තබාගෙන සිටින බවට තොරතුරු වාර්තාවන බව ජෛව සංරක්ෂණ මධ්‍යස්ථානයේ සභාපති පුබුදු වීරරත්න මහතා පෙන්වා දුන්නේය.

Rate this item
(0 votes)