May 03, 2024

නිදහස් පක්ෂ සභාපතිකම ගත්තේ වැදගත් හේතුවකට - ජනපති

තමා සන්ධානයෙන් ඉවත් වී ජනපතිවරණය ජයගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම ගත්තේ කුමකටදැයි ප්‍රශ්නයක් ඇති බව දන්නා බවත් එහෙම කළේ වැදගත් හේතුවකට බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසූවේ ඊයේ (25) පොළොන්නරුව තෝපාවැව විදුහලේ ජනාභිනන්දන උත්සවයේදී ය.

‘නව රජයේ දින සියයයේ වැඩසටහනට ශ්‍රීලංනිපයේ සහය ගන්න ඕනෑ. ඒ සහය නැතිනම් අපට ඉදිරියට යන්න බෑ. ඇයි පාර්ලිමේන්තුව  විසුරුවන්නට බැරිදැයි කෙනෙකු අසන්නට පුළුවන්. ඔව් එහෙම කළ හැකියි. එවිට දින සීයත් ඉවරයි. අපේ සැලැසුමත් ඉවරයි.මේ ගමන යා යුත්තේ ශ්‍රීලංනිප ද සමගයි.‘ යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)