May 02, 2024

‘යහපාලනය ගැන කියන රජය පාක්‍ෂිකයන්ට හිරිහැර කරනවා‘ - නිමල් සිරිපාල  

යහපාලනය ගැන කතා කරන ආණ්‌ඩුව ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ක්‍රියාකාරීන් විශාල පිරිසකට අසත්‍ය චෝදනා එල්ල කරමින් බන්ධනාගාරගත කර තිබෙන බව විපක්‍ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

ජනාධිපතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ පාක්‍ෂිකයන් විවිධ තාඩන පීඩනවලට ලක්‌කර තිබෙන බවට චෝදනා කරන හෙතෙම මේ තත්ත්වය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවද සඳහන් කළේය.

බන්ධනාගාර ගතකර සිටින නියෝජ්‍ය ඇමැතිවරුන් සහ දේශපාලනඥයන් කිහිප දෙනකුගේ සුවදුක්‌ විමසීමට පෙරේදා (24) වැලිකඩ බන්ධනාගාරයට පැමිණි අවස්‌ථාවේ මේ බව සඳහන් කළ නිමල් සිරිපාල ද සිල්වා මහතා දේශපාලන පළිගැනීම්වලට ලක්‌ව සිටින සියලු සාමාජිකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය පෙනී සිටින බවද අවධාරණය කළේය. 

Rate this item
(0 votes)