May 03, 2024

ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු මෙම සතියේ 

ශිෂ්‍යත්ව විභාගයෙන් සුදුසුකම් ලැබූ සිසුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කිරීමේ අවම කඩඉම් ලකුණු මෙම සතියේ නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

15,000ක්ව පැවැති ශිෂ්‍යත්ව ප්‍රමාණය 25,000ක්‌ කිරීම නිසා කඩඉම් ලකුණු නිකුත් කිරීම ප්‍රමාද වූ බව ද අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. 

සිසුන්ගේ දත්ත පරිගණකගත කිරීම මෙවර ප්‍රථම වරට අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගුවන් හමුදාවට පවරනු ලැබූ අතර එලෙස ඇතුළත් කර ඇති සමහර දත්ත වැරදි සහගත යෑයි ද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. 

එම වැරදි ද නිවැරැදි කරමින් කඩඉම් ලකුණු මෙම සතිය අවසානයට පෙර නිකුත් කිරීමට නියමිතය.

Rate this item
(0 votes)