May 03, 2024

මම වැඩකළේ රනිල්ට - ලාල් පීරිස්

 ලාල් පීරිස් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ලාල් පීරිස් මේවන විට සිටින්නේ එංගලන්තයේය.ඔහු එහි සිට ලංකාවේ මාධ්‍යවේදියකු සමග කළ කතාබහක් ඇසුරින් මෙය සැකසේ. 
 
මේ වන විට ඔබ කොහේද සිටින්නේ?
ලන්ඩන්වල
 
එහේ මොනවද කරන්නේ?
මගේ පුතාගේ රෙස්ටුරන්ට් එකක් තියෙනව. ඒකේ වැඩ කරගෙන ඉන්නව. ඒ අතර මනිචේන්ජ් එකකුත් මම කරගෙන යනව.
 
පුතාට එංගලන්තේ රෙස්ටුරන්ට් එකක් තියෙන්නේ කොහොමද?
මගේ පුතා විවාහ වෙලා ඉන්නේ එංගලන්ත ජාතික තරුණියක් එක්කයි. පුතා උසස් අධ්‍යාපනය ලැබුවේ එංගලන්තෙදී. එහිදී හමුවූ එංගලන්ත ජාතික තරුණියක් සමග පුතා 2002 වසරේදී විවහා වුණා. රෙස්ටුරන්ට් එක ලැබුණේ එම විවාහයේ ප්‍රතිඵලයක් ලෙසයි.
 
ජීවත් වෙන්න කරන්නේ මොනවද?
ලාල් එන්ටර්ප්‍රයිසස් ප්‍රයිවෙට් ලිමිටඩ් කියල මගේ කම්පැණියක් තියෙනව. වරායේ වෙන්දේසිවලින් බඩු අරගෙන ඒවා තොග වශයෙන් ව්‍යාපාරිකයන්ට විකුණනව. ඊට අමතරව මනිච්ෙන්ජ් එකකුත් තියෙනව. ඒ සියල්ල නීත්‍යනුකූල ව්‍යාපාර. ඊට අමතරව අතමාරුවට ‍පොලියට සල්ලි දෙනව.
 
එතකොට නමට ඉස්සරහින් “කුඩු”  කියල අන්වර්ථ නමක් වැටිල තියෙන්නේ?
මාධ්‍ය තමයි ඒ දේ ප්‍රසිද්ධ කළේ. ඔය කියන දේවල්වලට මගේ කිසිම සම්බන්ධයක් නැහැ. ලංකාවේ ජාතික පත්තර කිහිපයකටම මම ඒ සම්බන්ධයෙන් නඩු පැවරුව 2005 දී. වත්මන් ආණ්ඩුවේ ඇමැතිවරයෙක් වන ෆයිසර් මුස්තාපා මහත්තයාට තමයි මම ඒ නඩු භාරදුන්නේ. මගේ ප්‍රතිරූපයට හානිකරපු ඒ හැමෝටම නඩු පැවරුව. 2009 වසරේ මම එංගලන්තයට එනකම්ම  ඒ නඩුවලට පෙනී සිටියා. 
 
ඇයි රටින් පැනල එංගලන්තයට එන්නේ?
 මාව මරන්න හැදුව. ඒකයි.
 
ඒ කවුද?
එවකට ආරක්ෂක අංශයේ ඉහළම පරිපාලක නිලධාරියෙක් යටතේ ක්‍රියාත්මක වුණ හමුදා කණ්ඩායමක්.
 
ඔබව මරන්න ඒ අයට තියෙන උවමනාව මොකක්ද?
 වෙනත් දේශපාලනඥයෙකුගේ උවමනාවකටයි.
 
දේශපාලනඥයෙකුගේ ප්‍රශ්නයක් කීවේ මොකක්ද?
 මගේ දැන් වයස අවුරුදු 53 යි. මම දේශපාලනේ කරන්නේ අවුරුදු 19  සිටයි. ඒ වීරසිංහ මල්ලිමාරච්චි මහත්තයත් එක්ක. එක්සත් ජාතික පක්ෂය තමයි මගේ දේශපාලන ගමන් මගේ මහගෙදර. වීරසිංහ මල්ලිමාරච්චි මහත්තයා නැතිවුණාම මගේ දේශපාලනය ‍පොදු පෙරමුණ සමග කරගෙන ගියා. ඒ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහත්තයා එක්ක. මර්වින් සිල්වා ඇමැතිතුමා කොළඹ උතුර සංවිධායක වුණාම එතුමා එක්ක දේශපාලනේ කළා. ජීවන් කුමාරතුංග ඇමැතිතුමා කොළඹ සංවිධායක වුණාම එතුමා එක්කත් වැඩ කළා. හැබැයි 2005 ජනාධිපතිවරණයේදී මම වැඩ කළේ හිටපු ජනාධිපතිතුමාට නම් නමෛයි. රනිල් වික්‍රමසිංහ මහත්තයට. ඒ ජෝන් අමරතුංග ඇමැතිතුමා එක්ක තිබ්බ හිතවත්කම නිසා.
 
(හෙට-ලාල්ගෙන් ෆොන්සේකාට තල්ලුවක්) 
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 
Rate this item
(0 votes)
Last modified on Monday, 26 January 2015 12:57