May 02, 2024

හරීන් මහ මැතිවරණයට තරඟ කරන්න කැමති වෙයි

එක්සත් ජාතික පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා සාකච්ඡා කර අවසර ලැබෙන්නේ නම් එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට අදහසක් පවතින බව ඌව පළාත් සභා ප්‍රධාන අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ පිළිබඳව තවමත් නිශ්චිත නිගමනයකට එළඹ නොමැති බවද මහ ඇමතිවරයා සඳහන් කළේය.

මේ අතර වයඹ පළාත් ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද ඉදිරි මහ මැතිවරණයට තරග කිරීමට සූදානමින් සිටින බව මීට පෙර වාර්තා විය.

Rate this item
(0 votes)