May 11, 2024

ජනපති නොවුනා නම් අද මා සිරගෙදර (Video)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම නොගත්තේ නම් ඉදිරි ගමන මේ ආකාරයෙන් යා නොහැකි වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (25) පොළොන්නරුව තෝපාවැව විදුහලේදී ජනතාව අමතමින් මෙසේ පැවසීය.

එමෙන්ම තමා සන්ධානයෙන් ඉවත් වූ පසු ජනපතිවරණය සඳහා කළ තරඟයෙන් ජය නොගත්තේ නම් අද ඇතැම් විට ජීවතුන් අතර නොසිටිය හැකි බවත් තම දරුවන් අත්අඩංගුවට ගෙන තමා වෙත දැඩි පීඩනයක් එල්ල කිරීමේ සැලැස්මක් තිබූ බවත් සඳහන් කළේය.

ඒ අනුව එදා ඒ සටන රජගෙදර හා සිරගෙදර සටනක් ලෙස අර්ථ දැක්විය හැකි බවත් පැවසීය.

ජනපති වු පසුව මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවට ගිය මුල්ම අවස්ථාව මෙය වන අතර ජනපති හා අගමැති පොළොන්නරුවට පැමිණියේ එකම රථයකිනි.ඒ අනුව ජනපතිවරයා වම්පසින් සහ අගමැතිවරයා දකුණු පසින් ගමන් කර තිබුණි.

එම වීඩියෝව පහතින් නරඹන්න

(සමීර - පොළොන්නරුව)

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 January 2015 20:55