May 10, 2024

මත්තල ගැන හදිසි තීරණ ගන්න අවශ්‍යයි

මත්තල ගුවන් තොටුපල සම්බන්ධයෙන් හදිසි තීරණ කිහිපයක් කඩිනමින් ගැනීමේ අවශ්‍යතාවයක් පවතින බව අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පැවසීය.

ඒ මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවක් සිදු කිරීමෙන් අනතුරුවය.

එහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ දැනට මත්තල වෙත පැමිණෙන්නේ ගුවන් යානා දෙකක් වැනි සංඛ්‍යාවක් බවත් ඒ අනුව මෙහි වියදම සලකා බැලීමේදී මෙම තීරණ කඩිනමින් ගැනීමේ අවශ්‍යතාවය පැනනැගී ඇති බවත්ය.

Rate this item
(0 votes)