May 10, 2024

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මූලස්ථානයට

කොළඹ භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා පොලිස් මුලස්ථානයේ සහායක සේවා මධ්‍යස්ථානයට මරු කරනු ලැබ සිටි බවට වාර්තා වේ.

උතුරු පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුජිත ජයසුන්දර මහතා ඔහු සිටි ස්ථානයට පත් කර ඇති බවත් අනාවරණය වේ.

අනුර සේසානායක මහතා මාස හය බැගින් සිව් වරක්ම සේව දිගු ලබාගෙන ඇතැයිද, පැවැති රජයෙන් අවසන් සේවා දිගුව ඉකුත් හත් වැනිදා ලබා ඇතැයිද වාර්තා වී තිබේ.

අදාළ මාරු කිරීම පිළිබඳව පොලිස් මාධ්‍ය ඒකකයෙන් කල විමසීමකදී සඳහන් කළේ මාරු කිරීමක් සිදු ඇති බවය.

 

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 January 2015 18:51