May 10, 2024

ඉන්ධන, ළදරු ආහාර ඇතුළු භාණ්ඩ මිල අඩු වේ - නි.ඇමති හර්ෂ

ලබන 29 වැනිදා රජ්‍ය සේවකයාගේ  වැටුප රුපියල්  පන්දහසකින් අනිවාර්යෙන්ම වැඩි කරන බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

ඒ අනුව ඉන්ධන මිල තවත් පහළ දැමීමට ඉඩ ඇති බවත් ළදරු ආහාර හා අත්‍යශව්‍ය භාණ්ඩ මිල අඩු කරන බවත්  ප්‍රතිපත්ති සම්පාදන හා ආර්ථික නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා මහතා අද (25) කොස්ගම කනන්පැල්ල සුමනාරාම විහාරස්ථානයේදී පැවැසීය.

එළඹෙන 29 වැනිදා අයවැය ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් සිදු කරනු ඇති බවත් සඳහන් කළේය. නමුත් අද තමා මෙම ඉඟිය මහජනයාට ලබා දුන් බවත්  නියෝජ්‍ය ඇමැති හර්ෂද සිල්වා මහතා පැවසීය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 January 2015 18:19