May 10, 2024

අවිස්සාවේල්ලේ සැකකටයුතු ‘hummer’ රියක්

අවිස්සාවේල්ල, උක්වත්ත, අන්විල් වත්තේ නිවසක නතර කර තිබියදී හමර් වර්ගයට අයත් සැකකටයුතු ජීප් රථයක් අවිස්සාවේල්ල පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුව ගෙන තිබේ.

මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී රථයේ අයිතිය පිළිබඳව සැකයක් මතුව ඇති හෙයින්මේ සම්බන්ධයෙන් තොරතුරු ලබාගැනීම සඳහා කොළඹ මෝටර් රථ කොමසාරිස් කාර්යාලයට දැනුම්දී ඇති බවත් අවිස්සාවේල්ල පොලීසිය පෙන්වා දෙයි.

අධික මිලක් ඇති මෙවැනි වාහන  යුරෝපයෙන් සොරකම් කර  ශ්‍රී ලංකාවට ගෙන්වා ඉහළ පෙළේ දේශපාලනඥයින් ඇතුළු පිරිස්වලට  විකුණන සංවිධානයක් පසු ගිය කාලයේ ශ්‍රී ලංකාවේ පැවැති බවටද තොරතුරු ලැබී තිබුණි. සාමාන්‍යෙයන් මෙවැනි රථයක මිල රුපියල් කෝටි 5 ක් පමණ වේ

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 January 2015 17:50