May 10, 2024

රතුපස්වල සිද්ධියේ පරීක්ෂණ යළි ඇරඹෙන ලකුණු

පසුගිය වසරේ රතුපස්වල සිදුවූ ජල ගැටලුව පිළිබඳ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී එහි විමර්ශන කටයුතු නැවත ආරම්භ කරන ලෙස එම ජනතාව විරෝධතාවයක නිරත විය.

මෙහිදී වෙඩි වැදීමෙන් ආබාධිත වූඅය සඳහා වන්දි මුදලක් ලබාදෙන ලෙසත් ඉල්ලමින් රතුපස්වල ජනතාව  වැලිවේරිය නගරයේදී මෙම උද්ඝෝෂණය සිදු කළහ.

වෙඩි තැබීමෙන් තරුණයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 26 දෙනෙක් තුවාල ලැබූහ.

ඔවුන්ගේ ඉල්ලීම් ඇතුළත් සංදේශ දෙකක් නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග සහ බුද්ධ ශාසන,රාජ්‍ය පරිපාලන අමාත්‍ය  කරු ජයසූරිය යන මහත්වරුන්ට බාර දුනි.

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 January 2015 18:37