May 10, 2024

යුරෝපා මත්ස්‍ය තහනම ඉවත්කරවා ගැනීමට විදේශ ඇමති යයි

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතා යුරෝපා සංචාරයක නිරත වීම සඳහා අද(25) දිනයේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය. ඒ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවෙන් මසුන් සහ මත්ස්‍ය නිෂ්පාදන මිලදි ගැනීම අත්හිටුවනු ලැබීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා බවත් වාර්තා වේ.

යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවෙන් මසුන් සහ මත්ස්‍ය නිෂ්පාදන මිලදි ගැනීම පසුගිය 15වන දින සිට අත්හිටුවනු ලැබීය.
එම තහනම ඉවත් කරවා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම විදේශ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණ බව නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා මහතා සඳහන් කළේය.

Rate this item
(0 votes)
Last modified on Sunday, 25 January 2015 15:57