May 10, 2024

ඉදිරි ඡන්දයේ ‘UNP’යට අසාධාරණයක් නැහැ - අගමැති

ජූලි මාසයේ එන මැතිවරණයේදී  මෛත්‍රීපාල ජනාධිපතිවරයා ගන්නා තීන්දුව එක්සත් ජාතික පක්ෂයට අසාධාරණයක් නොවන එකක් බව තමාට පැවසූ බව  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ මෛත්‍රීපාල ජනාධිපතිවරයා සභාපති කරවීම එජාපයේ ද කැමැත්තව තිබූ බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි. වර්තමානයේ චන්ද්‍රිකා මැතිනියත්, මහින්ද මහතාත් එම පක්ෂය තුළ සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.

අගමැතිවරයා එසේ පැවසුවේ මාතර, දෙණියාය නායමුල්ල ප්‍රදේශයේ පැවැති වැඩසටහනක් සඳහා එක්වෙමින්.  

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා “අපි හිතුවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න ඕන කියලා. අපේ ජනාධිපතිවරයාත් මමත් නියෝග ලබාදුන්නා අපේ කටවුට් පෝස්ටර් ගලවන්න කියලා. දැන් එතුමගේ මුහුණවත් මගේ මුහුණවත් දකින්න නෑ.දකින්න තියෙන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයගේ මුහුණ විතරයි.  ඒක ගලවන්න කියලා අපි කිවුවෙ නැහැ. මොකද අපි යන්නේ අලුත් දේශපාලන සංස්කෘතියකට." යනුවෙන් පැවසීය.

Rate this item
(0 votes)