May 10, 2024

දින 100 සහන නැත්නම් රැකියාලාභී උපාධිධාරීන්ගේ විරෝධය

රාජ්‍ය හා පාළාත් රාජ්‍ය සේවයේ ලක්‍ෂයකට අධික උපාධිධාරීහු පිරිසක් වසර 20 කට ආසන්න කාලයක් බරපතල වෘත්තීය හිමිකම් කප්පාදුවකට ලක් වෙමින් සිටින බව රැකියාලාභී උපාධිධාරී සංගමය පවසයි.

පැවති සෑම රජයක්ම උපාධිධාරීන්ට වෘත්තීය ගරුත්වයක් සහිත සේවාවක හිමිකම අහිමි කර තිබූ බවත් ඒ අතර අවසන් වු ජනාධිපතිවරණයේ දි වත්මන් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප‍්‍රකාශයේ හා දින 100යේ වැඩපිළිවෙල තුළ වෘත්තීය වශයෙන් මුහුණ දෙන ගැටලූ සඳහා විසඳුමක් ලබා දෙන බවට ප‍්‍රකාශ කර ඇති බවත් එම සංගමය පෙන්වා දෙයි.

කෙසේවෙතත් දින 100 ය ගෙවෙමින් ඇති අතර ඒ පිළිබඳව සාකච්ඡාවක් ඉල්ලූව ද මේ දක්වා ඊට යහපත් ප‍්‍රතිචාරයක් ලැබී නොමැති බවත් විසඳුමක් සඳහා මැදිහත් නොවන්නේ නම් උපාධිධාරීන් ලෙස ඉදිරියේ දී ගනු ලබන වෘත්තීය ක‍්‍රියාමාර්ග මොනවා ද යන්න පැහැදිලි කළ යුතුව ඇති බවත් රැකියාලාභී උපාධිධාරී සංගමය වැඩිදුරටත් පැවසීය. 

Rate this item
(0 votes)