May 11, 2024

යුද අපාරාධ ගැන අළුත් කමිටු එපා - ටී.එන්.ඒ

මෙරට පැවති යුද්ධය සම්බන්ධයෙන් නව පරීක්ෂණ කමිටු පත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව දෙමළ ජාතික සන්ධානය පවසයි. 

මේ වනවිට යුද්ධය පැවති කාලසීමාවේ සිදුවීම් සම්බන්ධයෙන් දේශීය සහ ජාත්‍යන්තර පරීක්ෂණ කිහිපයක්ම සිදුකර අවසන් බවත් එම පරීක්ෂණ කමිටුවල නිර්දේශ අවධානයට ලක් කොට කි‍්‍රයාවට නැංවීම වඩා වැදගත් පියවරක් බවත් දෙමළ සන්ධාන ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මහතා පැවසීය.

කෙසේ වෙතත් නව රජය පත්වීමත් සමග ජාතික ගැටලූව විසඳීම සඳහා වන පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව ද අහෝසි වන බවත් නව පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත් කිරීම දෙමළ ජාතික සන්ධානය අපේක්ෂා නොකරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ඒ වෙනුවට රජය සමග සාකච්ඡා කොට ජාතික ගැටලූව විසඳීමේ ක‍්‍රමවේදයක් සකස් කළ හැකි බව ද සුරේෂ් පේ‍්‍රමචන්ද්‍රන් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)