May 10, 2024

සමෘද්ධිලාභීන් තෝරන ක්‍රමයේ වෙනසක්

සමෘද්ධි ප‍්‍රතිලාභීන් තෝරා ගැනීමේ ක‍්‍රමවේදයේ වෙනසක් සිදුකරන බව නිවාස සහ සමෘද්ධි අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසූවේ තංගල්ලේ ඊයේ (24) පැවති උත්සවයක් අමතමිනි. 

පොදු මහජනතාවට වැඩි ප‍්‍රතිලාභ සැලසෙන අයුරින් වඩාත් සාධාරණ ක‍්‍රමවේදයකට සමෘද්ධිලාභීන් තෝරා ගැනීමට අපේක්ෂා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මේ වනවිටත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙල කි‍්‍රයාවට නංවා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

Rate this item
(0 votes)
Last modified on Monday, 26 January 2015 08:38