May 10, 2024

සංඝරත්නයේ නඩු උසාවි නොයන ආකාරයේ සංශෝධන

මහා සංඝරත්නය නඩුවලට උසාවි වෙත වැඩම කිරීම නැවැත්වීම සඳහා නිකායට බලතල පැවරෙන පරිදි සංශෝධන සිදු කරන බව ආගමික කටයුතු අමාත්‍ය කරු ජයසුරිය මහතා පැවසීය.

ඒ සඳහා මහ නායක හිමිවරුන් සමග ලබන සතියේ සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

විශේෂයෙන් විහාර දේවාලගම් පනත සංශෝධනය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධානයට යොමු කළේය.ප්‍රමිතියෙන් යුතු අටපිරිකර වෙළඳපොළ තුළ අලෙවි කිරීමේ කටයුතු මෙන්ම ආගමික කටයුතුවලදී ජනතාවට සිදුවන අනෙකුත් අපහසුතා පිළිබඳවත් සොයා බලමින් සිටින බවත් සඳහන් වෙයි.

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 January 2015 20:29