May 17, 2024

වඳුරඹ පොලිස් ස්ථානාධිපති යළිත් වැඩ

වඳුරඹ පොලීසියේ ස්ථානාධිපති පී.එල්. කීර්තිසිංහ මහතා නැවත සේවයේ පිහිටුවා තිබේ.

ඔහු විසින් ඉදිරිපත් කරනු ලැබූ අභියාචනය සලකා බැලූ පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා නැවතත් කීර්තිසිංහ මහතා සේවයේ පිහිටුවීමට කටයුතු කර තිබේ.

වඳුරඹදි එවකට පොදු අපෙක්ෂකව සිටි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට ගිනි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කරනු ලැබූ පරීක්ෂණ නිසි පරිදි කරගෙන යාමට නොහැකිවීමෙන් හෙතෙම පොලිස් සේවයෙන් ඉවත්විය.

පසුව පොලීසිය ඔහු වෙත සේවය අතහැර යාමේ නියෝගයක් නිකුත් කළේය.

Rate this item
(0 votes)