May 17, 2024

අය වැයට පෙර බස් ගාස්තු අඩු වේ - ප්‍රවාහන ඇමති

එළඹෙන විසිනව වැනි දින (29)ට පෙර බස් ගාස්තු පහත හෙළිමට පියවර ගන්නා බව අභ්‍යන්තර ප්‍රවාහන සේවා අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසිය.
 
සියයට දහයකට (10%) ආසන්න ප්‍රතිශතයකින් බස් ගාස්තු මිල ගණන් අඩු කීරිමට පියවර ගන්නා බව කී ඒ මහතා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ඉහළ නිළධාරීන් සහ පෞද්ගලික බස් සංගම් නියෝජිතයන් කීප දෙනෙකු සමග මේ වන විටත් ඊට අදාළ සාකච්ඡා පවත්වා තිබෙන බව ද සඳහන් කළේය.
Rate this item
(0 votes)