May 17, 2024

ජයග්‍රාහණයෙන් පසු ජනපතිගේ පළමු පොළොන්නරු සංචාරය හෙට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ජයග්‍රාහණයෙන් පසු ප්‍රථම වරට හෙට (25) පොළොන්නරුව වෙත පැමිණීමට නියමිතව ඇත.

ඒ අනුව පැවැති ජනාධිපතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණීමෙන් පසු සිය ප්‍රථම පොළොන්නරු සංචාරය ලෙස ජනාධිපතිවරයා විසින් මෙය සිදු කරනු ඇති. ජනාධිපතිවරයා පදිංචිව සිටින්නේද පොළොන්නරුවේය. පසුගිය මැතිවරණ වේදිකාවේදී පවා සිය රාජ්‍ය පාලනය පොළොන්නරුවේ සිට සිදු කරන බව ප්‍රකාශ කර තිබුණි.

ජනාධිපතිවරයා විනිස් හෙට පසුවරු 1.00 ට පොළොන්නරුව ගල්විහාරයේ වටදාගෙය අසළ ජයපිරිත් වැඩසටහනක් සඳහා එක්වීමෙන් පසු පස්වරු 2.00 ට පොළොන්නරු තෝපාවැව මහ විද්‍යාලයේදී පොළොන්නරු ජනතාව හමුවීමට සූදානමින් සිටින බවයි වාර්තා වෙන්නේ.

පොළොන්නරුව - සමීර

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 January 2015 13:34