May 17, 2024

නාමල්ට උඩුගමට අසාධ්‍යයි 

ජනප්‍රිය ගායක නාමල් උඩුගම මහතා රෝගි වී අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන බැවින් ඔහුට දින කීපයක් තුළ දී අක්මාවක කොටසක් බද්ධ කළ යුතු ව තිබේ.

ඒ සඳහා පරිත්‍යාගයක් වශයෙන් ‘ඒ ‍පොසිටිව්’ ලේ වර්ගයේ අයෙකුගෙන් අක්මාවක කොටසක් ලබාදෙන ලෙස නාමල් උඩුගම මහතාගේ බිරිඳවන රුවන්ති මංගලා මහත්මිය සඳහන් කරයි.

පසුගිය දින කිහිපය තුල නාමල් ඉතා ආසාධ්‍ය තත්වයේ සිටි අතර මෙම ශෛල්‍යකර්මය ඉතා ඉක්මණින් සිදුකල යුතු බව වෛද්‍යවරුන් පවසා ඇත.

“කවුරුහරි පරිත්‍යාගශීලී කෙනෙක් මේ විදිහට අපට උදව් කරනවා නම් ඒ කෙනාට සාධාරණයක් කරන්නත් අපි කැමැත්තෙන් ඉන්නවා. විවේක ගන්න කාල සීමාවේදී ජීවත්වීමේ පහසුව පිණිස මුදලින් වුණත් ආධාරයක් කරන්න මට පුළුවන්.

අක්මාවක කොටසක් තවත් කෙනෙකුට පරිත්‍යාග කළා කියලා ඒ පරිත්‍යාගශීලී පුද්ගලයාට කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා බොහෝ විට වෛද්‍යවරු සඳහන් කරනවා. ඒ වගේම ජීවිත අවදානමක් ඇත්තෙම නැහැ.

ඉතින් මම ආදරෙන් ඉල්ලා සිටින්නේ මේ වෙලාවේ නාමල් වෙනුවෙන් ඉදිරිපත් වෙන්න කියලයි.” යනුවෙන් වැඩිදුරටත් ඇය සඳහන් කරයි.

මේ රටේ තරුණ පරපුර අසීමිත ලෙද ආදරය කරන මෙම කලාකරුවා හට උපකාරයක් වශයෙන් මෙම ‍ලේ කාණ්ඩයට අයත් තරුණ පරිත්‍යාගශීලී කෙනෙකු සිටීනම් පහත දුරකථන අංකය ඇමතීමෙන් වැඩි විස්තර දැනගත හැකිය.

රුවන්තිගේ දුරකථන අංකය 0777281513 / 0773936555

 

Rate this item
(0 votes)