May 17, 2024

දකුණේ පිරිසක් පොළොන්නරුවේ නිදන් හාරයි (Video)

පොළොන්නරුව විසිඅටේ (28) කණුව ප්‍රදේශයේ නිදන් හාරමින් සිටි පුද්ගලයින්(06) දෙනෙකු අද (24දා) අලුයම පොළොන්නරුව පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

විසිතුරු මතස්‍ය ව්‍යාපාරයක් සිදු කරන මුවාවෙන් බදු පදනම මත ගන්නා ලද ඉඩමක අඩි 15 ක් ගැඹුර සහ අඩි 50 ක් පමණ පළල වලක් හාරා සිටියදී පිරිස හසු විය.

සැකකරුවන් හම්බන්තොට, මාතර, අනුරාධපුර, පොළොන්නරුව, නුගේගොඩ හා අරලගන්විල ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර සොයා ගන්නා ලද මෝටර් රථ බස්නාහිර පළාතේ ලියාපදිංචි කරන ලද ඒවා වෙයි.

එසේම නිදන් හැරීම සදහා උපයෝගී කරගත් උපකරණ තොගයක් මෙන්ම ඩිෆෙන්ඩර් රථයක් හා ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.

මේ වන විට මෙම ඩිෆෙන්ඩර් රථයේ අනන්‍යතාව පිළිබඳව විවිධ කටකතා පැතිරෙමින් තිබෙන අතර එහි සත්‍ය අනන්‍යතාවය සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

තවත මෙහි ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා කොළඹින් විශේෂ පොලිස් කණ්ඩායමක් යොමු කර ඇති බවද වාර්තා වේ.

සමීර - පොළොන්නරුව

(වීඩියෝව පහතින් නරඹන්න..)

Rate this item
(0 votes)
Last modified on Saturday, 24 January 2015 11:43