May 17, 2024

විදුහල්පතිවරුන්ගේ කර්නල් තනතුරු අහෝසියි

ජාතික පාසල්වල විදුහල්පතිවරුන් සඳහා ලබා දී තිබූ කර්නල් තනතුරු ඉවත් කිරීමට අධ්‍යපාන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

එම තනතුර විදුහල්පතිවරුන් සඳහා අවශ්‍ය නොවන බවට අමාත්‍යාංශය තීරණය කළ බවත් අත්හිටුවා ඇති අධ්‍යාපන අමාත්‍යාංශයේ විමර්ශන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ ය.

දේශපාලන හිතවත්කම් මත ගුරුවරින් සඳහා ලබා දී තිබූ ස්ථාන මාරු අවලංගු කිරීමට තීරණයකර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Rate this item
(0 votes)