May 17, 2024

පැමිණිල්ල විභාග කිරීමට ගිය පොලිසියේ දෙදෙනෙකුට පිහියෙන් අනී

වරකාපොළ පොලීසියේ රාජකාරියේ නිරතු පොලිස් සැරයන්වර‍යෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකු වරකාපොළ, තෝලංගමුව ප්‍රදේශයෙදී පිහි ඇනුමකට ලක්ව තිබේ. ඊයේ (23දා) රාත්‍රියේදී මෙම සිදුවීම සිදුව තිබේ.

තුවාල ලැබූපොලිස් නිලධාරීන් දෙදෙනා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවැඩිදුර ප්‍රතිකාර සඳහා කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.

තෝලංගමුව විහාරස්ථානයේ හිමිනමකට බීමතින් පැමිණි පුද්ගලයෙකු හිරිහැර කරන බවට ලැබුණු පැමිණිල්ලක් විභාග කිරීමට පැමිණි අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවතිබේ. සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Rate this item
(0 votes)