May 17, 2024

නව රජයේ දින 100 යෙන් විදෙස් ගත ලාංකිකයන්ටත් සහන ලැබේ

වත්මන් රජයේ දින සියයේ වැඩසටහනට අනුව විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් වෙනුවෙන් විශ්‍රාම වැටුපක් ලබාදීම සහ අනේවාසික ගිණුම් හිමියන් වෙත ලබාදෙන පොළියට අමතරව අතිරේකව සියයට 2.5 ක පොළියක් ලබාදීමට තීරණය කර ඇත.

විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධන කටයුතු සම්බන්ධයෙන් විශේෂයෙන් සොයා බලන බවද තලතා අතුකෝරාල ඇමතිවරිය සඳහන් කරයි.

මැදපෙරදිග මෙන්ම ලෝකයේ අනෙකුත් රටවල ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට සේවය කිරීම සඳහා පවතින තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමටද නව විෂය භාර ඇමතිවරිය කටයුතු කරමින් හිදී.

Rate this item
(0 votes)