May 17, 2024

අගවිනිසුරුගෙන් CIDය ප්‍රකාශයක් ගනී

මහජන සාමය හා ආපදා කළමනාකරණය පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පෙන්වා දෙන්නේ ජනපති මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කරමින් සිටියදී අරලියගහ මන්දිරයේ සිදුවූ බව කියන කුමන්ත්‍රණය ගැන රහස් පොලීසිය අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගෙන්ද ප්‍රශ්න කර ඇති බවය.

ඒ අනූව බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගෙන් ද රහස් පොලීසිය පසුගියදා ප්‍රශ්න කර තිබු අතර හිටපු විදේශ කටයුතු ඇමති මහාචාර්යජී.එල් පීරිස් මහතාගෙන් ද ප්‍රශ්න කළේය.

විදේශ ඇමති මංගල සමරවීර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කළ ඉල්ලීමකට අනුව අදාළ සිද්ධිය ගැන පරීක්ෂණයක් ඇරඹීය.

හිටපු ජනපතිගේ ආරාධනයකට අනූව එවකට විපක්ෂනායක ලෙස කටයුතු කළ වත්මන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 9 වැනිදා අළුයම අරලියගහ මන්දිරයට ගිය අවස්ථාවේදී අගවිනිසුරුවරයා ද එහි සිටි බව වික්‍රමසිංහ මහතා දැක තිබූ බව මාධ්‍ය වාර්තා කර තිබිණි.

Rate this item
(0 votes)