May 17, 2024

විදෙස් මාධ්‍ය ඉදිරියේ අගමැතිගෙන් චීනයට රතු එළියක් (Video)

අමෙරිකාවේ The Wall Street Journal  සමග විශේෂ සම්මුඛ සාකච්ඡාවන්ට එක්වෙමින් වර්තමාන රජයේ දින 100 වැඩසටහන සාර්ථක කර ගැනීම දැවැන්ත අභියෝගයක් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.
එමෙන්ම මෙහි ඇති වඩාත් ප්‍රමුඛතම කාර්යයන් අතර එකක් වන්නේ රාජපක්ෂ ආණ්ඩුව විසින් දේශපාලනීකරණය කරන ලද පොලීසිය ඉන් ගලවා ගැනීම යැයිද අවධාරණය කර ඇත. තවද පැවැති ආණ්ඩුව විසින් චීන ණය දෙන ආයතන හා කොන්ත්‍රාත්කරුවන් සමග ඇතිකරගත් ඇතැම් දූෂිත ගනුදෙනු වත්මන් කැබිනට් මණ්ඩලයට කරුණු අනාවරණය කරගැනීමේදී දැඩි අරගලයකට මුහුණ පාන්නට සිදුව ඇති බවද පෙන්වාදී ඇත.
එසේම ලංකාවේ සුළු ජන කොටසක් වන දෙමළ ජනතාව වෙනුවෙන් දේශපාලන විසඳුමක් ලබාදීම, සංහිඳියාව ගොඩනැගීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත්, දෙමළ ජනතාව ජීවත්වන උතු‍රු පළාත් සභාවේ බලය වැඩිකිරීම සඳහා සලකා බලමින් සිටින බවත් අග්‍රමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
මේ අතර හිටපු ඇමත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රි දිනේෂ් ගුණවර්ධන මහතා The Wall Street Journal වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ වත්මන් රජය විසින් එල්ල කරන දූෂණ චෝදනා කරුණු හා සාක්ෂි සහිතව ඉදිරිපත් කිරීම කළ යුතු බවත් එය හුදෙක් මඩ ගැසීමේ ව්‍යාපාරයක් නොවිය යුතු බවත්ය.
එම වීඩියෝව පහතින් නරඹන්න..

Rate this item
(0 votes)
Last modified on Friday, 23 January 2015 17:20